Saturday, April 27, 2024
Follow Us
මොන එන්නත ගත්තත් රට යන්න පුලුවන්

ෆයිසර් එන්නත අලෙවි කිරීමේ උපායක්


ෆයිසර් එන්නත හැර වෙනත් එන්නත් ලබාගත් අයට ද විදෙස් ගතවීමේදී කිසිම බාධාවක් එල්ල නොවන බව කොවිඩ් කමිටුව අවධාරණය කරයි.

ෆයිසර් එන්නත අලෙවි කිරීමේ උපායක් ලෙස යුරෝපා ඇතුළු රටවලට ඇතුළු වීමේදී ෆයිසර් එන්නත ලබාගෙන ඇති අයට නිරෝධායනය නොවී එම රටට ඇතුළු වීමේ අවස්ථාව ලබා දී ඇති බව කොවිඩ් කමිටුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවැසීය.
සිනෝෆාම්, ස්පුට්නික්, ඇස්ට්‍රාසෙනිකා, මොඩර්නා හා ෆයිසර් එන්නත් මෙරටදී ලබාගෙන විදෙස්ගතවන සිසුන්ට හා රැකියා සඳහා යන අයට උද්ගත වී ඇති ගැටලු සම්බන්ධව කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නිලධාරියා මේ බව අවධාරණය කළේ ය.

ෆයිසර් හැර අනෙක් එන්නත් ලබා ගෙන යන අයට රටවල් අනුව නිරෝධායනය වීමට කාලයක් ලබාදෙන බවත්, කිසිම රටකින් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අය ප්‍රතිකේෂ්ප කර නොමැති බවත් හෙතෙම පැවැසීය.

(Aruna)