Wednesday, May 08, 2024
Follow Us
ගෘහස්ථ විදුලි රැහැන්වල මිල අඩු කෙරේ

ගෘහස්ථ විදුලි රැහැන්වල නවතම මිල මෙන්න


ගෘහස්ථ විදුලි රැහැන්වල මිල 11%කින් අඩුකිරීමට නිෂ්පාදන සමාගම් එකඟවූ බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

අපේ රටේ සම්පූර්ණ ගෘහස්ථ විදුලි රැහැන් වයර් නිෂ්පාදනය දේශීය කර්මාන්ත විසින් සිදු කරන අතර අපනයන වෙළෙඳපොළ සඳහා ද නිෂ්පාදන සැපයේ.

මෙම නිෂ්පාදන සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය වන කොපර් (තඹ) ආනයනය කරනු ලබන අතර මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 5,000 සිට 10,000 දක්වා වැඩිවීම නිසා පසුගිය දින වලදී ගෘහස්ථ විදුලි රැහැන් (වයර්)වල මිල ඉහළ ගියේය.

මින් ඉදිරියට විශේෂිත වූ තත්ත්වයක් හැරුණු විට මිල වැඩි නොකිරීමටත් දැනට තිබෙන උපරිම සිල්ලර මිලෙන් ඔවුන්ගේ නිෂ්පාදන වලින් 90%කම නිෂ්පාදන වර්ගවල මිල 11% කින් ද එක් නිෂ්පාදනයක් පමණක් 5%කින් ද අඩු කිරීමට එම සමාගම් එකඟවී තිබේ.
මිල සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යංශය සහ එම නිෂ්පාදන සමාගම්වල නියෝජිතයින් අතර සාකච්ඡා වට තුනක් පැවැත්විණි.

ඒ අනුව එම මිල අඩුකිරීම අගෝස්තු 01 වනදා ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.
මෙම සාකච්ඡාව සඳහා පහත සඳහන් සමාගම් සහභාගී විය.

01.කැළණි කේබල්ස් පී එල් සී
02.ඒ සී එල් කේබල්ස් පී එල් සී
03.සියෙරා කේබල්ස් සමාගම
04.එස් ආර් කේබල්ස් සමාගම
05.ඔරෙන්ජ් ඉලෙක්ට්‍රික් සමාගම

 

මිල අඩුවන ආකාරය පහතින් දැක්වේ…..

cop vire
(Aruna)