Friday, April 26, 2024
Follow Us
අන්තර් පළාත් ධාවනයට කොන්දේසි මාලාවක්

ලබන මස පළමුවැනිදා සිට ලංගම සහ පුද්ගලික බස් රථ සීමිත ප්‍රමාණයක් අන්තර් පළාත් ධාවනයට යොදවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් සහ ජාතික ගමනා ගමන කොමිසමෙන් අනුමැතිය ලබාදෙන බස් රථ පමණක් එලෙස අන්තර් පළාත් ධාවනයට එක් කරන බවයි.

මේ වන විට එක් එක් පළාත් තුළ බස් ධාවනය සිදු වුවද ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනය නොවන්නේ ඇයිදැයි නෙත් නිවුස් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. ඊට ඔහු පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.

මේ අතර පෞද්ගලික බස් හිමියන් සහ සේවකයින් එන්නත්කරණයට ලක් කිරීම ඊයේ දිනයේ සිදු කෙරුණා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවේ කොවිඩ් මර්දන එන්නත් 02 ම ලබාගත් පුද්ගලයින් පමණක් බස්රථවල රැගෙන යාමට අවශ්‍ය ක්‍රමවේදයක් සකසන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.

(Neth)