Thursday, March 28, 2024
Follow Us
ලන්ච්ෂීට් තහනම අගෝස්තු 01 දා සිට

පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරන ලන්ච්ෂීට් නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවි කිරීම අගෝස්තු මස 01 වනදා සිට තහනම් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවශ්‍ය නොවන බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

2017 වසරේදී නොදිරන ලන්ච්ෂීට් තහනම සම්බන්ධ ගැසට් නිවේදනයක් පළ කර තිබුනද එම තහනම විධිමත්ව ක්‍රියාත්මක නොවූ බවද අමාත්‍යවරයා සදහන් කළා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නොදිරන ලන්ච්ෂීට් තහනම් කිරීම සම්බන්ධයෙන් සුපිරි වෙළඳසැල් ජාලයේ නියෝජිතයන් සමඟ පරිසර අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීයි.

ඒ අනුව අදාල තීරණය ක්‍රියාත්මක කිරීමට සුපිරි වෙළදසැලි නියෝජිතයින් එහිදී එකගතාව පළ කළ බව පිරිසර අමාත්‍යංශය සදහන් කළා.

(Neth)