Wednesday, May 08, 2024
Follow Us
පාසල් දරුවන් වෙනුවෙන් නව රූපවාහිනී නාලිකා 6ක්

පාසල් දරුවන් වෙනුවෙන් ඉදිරි සති දෙකේදී නව රූපවාහිනී චැනල් හයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ ඊයේ (27 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය.

කොවිඩ් වසංගත තත්ත්වය නිසා අධ්‍යාපනය අහිමිව සිටින එක, දෙක, පහ, දහය සහ එකොළහ යන ශ්‍රේණිවල දරුවන් වෙනුවෙන් එම චැනල් වෙන් කෙරෙන බවත් කී ඇමැතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.

‘අපි මෙලෙසින් සැලසුම් සකස් කරද්දි පළාත් මට්ටමින් විවිධාකාරයෙන් දරුවන්ට ඉගෙනීම් කටයුතු සඳහා විවිධ ක්‍රම භාවිත කර තිබෙනවා. පළාත් මට්ටමින් මුද්‍රිත අභ්‍යාස සහ පාඩම් පාසල්වලට යවලා ඒවා දරුවන්ට ලැබීමට සලස්වලා තිබෙනවා. විද්‍යුත් මාධ්‍ය මගින් ජාතික අධ්‍යාපන ආයතනය සකස් කරන පාඩම් සතියේ දිනවල විකාශනය කෙරෙමින් පවතිනවා.’

(Aruna)