Friday, April 26, 2024
Follow Us
ඔලිම්පික් ගිය ශ්‍රී ලාංකිකයින්ට තරඟ අවස්ථාවන් සඳහා නිල ඇඳුමක් සැපයීමට නොහැකිවූයේ ඇයි ? ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති පිළිතුරු දෙයි

මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තරඟකරන අවස්ථාවලදී ඇදීම සඳහා නිළ ඇදුමක් සකස් කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් මේ වන විට විවේචන එල්ළවනවා. සමාරම්භක උත්සවය, පුහුණුවීම් සඳහා ඇඳුම් සකස් කළද ක්‍රීඩා කරන අවස්ථාවේදී එවැනි ඇඳුමක් සකස් කිරීමට නොහැකි වූ හේතුව කුමක්දැයි ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්ගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට වයිල් කාර්ඩ් ක්‍රමය යටතේ ඔලිම්පික් වරම් හිමිවුණේ මීට මාසයකට පමණ කාලයක් තුළ වීමද ඊට බලපෑ බවයි ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා වැඩි දුරටත් සදහන් කළේ..

(Neth)