Thursday, April 25, 2024
Follow Us
අගමැති අලංකාර කරන නගර ලැයිස්තුව

රටපුරා නගර සංවර්ධනයට මිලියන 2,000 ක්


රටපුරා අලංකාර ලෙස නගර 100ක් එකවර සංවර්ධනය කිරීමේ වැඩසටහන අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (27) කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරිපිටිය නගරයෙන් ඇරඹෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙම වැඩපිළිවෙළ තුළ අලංකාර සහ හිතකර ලෙස නගර සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කිරීම සඳහා එක නගරයකට රුපියල් මිලියන 20ක් වන සේ නගර 100 සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන් කර තිබේ.

 

ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුළින් තෝරාගත් නගර 100 එම දිස්ත්‍රික්ක යටතේ වෙන් වෙන්ව පහත දැක්වේ.
කොළඹ දිස්ත්‍රික්කයේ නගර – කොටිකාවත්ත, හංවැල්ල, පාදුක්ක, ඇඹුල්ගම,කඩුවෙල, විද්‍යාල හංදිය, මොරටුව

ගම්පහ දිස්ත්‍රික්කයේ නගර – පෑලියගොඩ, ඒකල, ඇවරියවත්ත, මිනුවන්ගොඩ, හේනේගම, මීරිගම, දිවුලපිටිය, ගණේමුල්ල, පූගොඩ , අත්තනගල්ල

කළුතර දිස්ත්‍රික්කයේ නගර – හොරණ, නාගොඩ, දොඩංගොඩ, මීගහතැන්න

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නගර – වීරවිල, රන්න, චිත්‍රාගල, නෝනාගම, අගුණුකොළපැලැස්ස, ලුණුගම්වෙහෙර

මාතර දිස්ත්‍රික්කයේ නගර – දෙයියන්දර, මොරවක, පිටබැද්දර, දෙණියාය, වැලිගම, කඹුරුපිටිය

ගාල්ල දිස්ත්‍රික්කයේ නගර – කුමාරකන්ද, බෙන්තර අම්බලන්ගොඩ, හබරාදූව

රත්නපුර දිස්ත්‍රික්කයේ නගර – කුරුවිට, අයගම, නිවිතිගල, ගොඩකවෙල, බලන්ගොඩ

කෑගල්ල දිස්ත්‍රික්කයේ නගර – රඹුක්කන, ගලිගමුව, බුලත්කොහුපිටිය, මොරොන්තොට

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගර – කොබෙයිගනේ, අඹන්පොල, හිරිපිටිය, බිංගිරිය, අලව්ව, හෙට්ටිපොල, පන්නල, පොල්ගහවෙල, බම්බුක්කටුව

පුත්තලම දිස්ත්‍රික්කයේ නගර – හලාවත, තෝප්පුව, පාලවිය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නගර – තිරප්පනේ, එප්පාවල, කජුගොල්ලෑව, අනුරාධපුරය.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නගර – අරලගංවිල, මැදිරිගිරිය, වැලිකන්ද, ජයන්තිපුර

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ නගර – කිලිනොච්චි, පූනරින්

යාපනය දිස්ත්‍රික්කයේ නගර – මුරුතනාමඩම්, වෙලනායි

මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ද, වව්නියාව දිස්ත්‍රික්කයෙන් වව්නියාව ද, මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය යන නගර 03 තෝරාගෙන ඇත.

තෝරාගෙන ඇති මෙම සෑම නගරයකම පොදුවේ දක්නට ලැබෙන අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම, අක්‍රමවත් පදික වේදිකා සකස් කිරීම, අලුත්වැඩියා කිරීම සහ අලුතින් ඉදිකිරීම, මාර්ග දෙපස කාණු පද්ධති සකස් කිරීම, අලුත්වැඩියා කිරීම හා අලුතින් ඉදිකිරීම, දැනට පවතින රථගාල් සංවර්ධනය කිරීම හා අලුතින් ඉදිකිරීම මේ යටතේ සිදුවෙයි.

එසේම, අනවසර හා අක්‍රමවත්ව පවතින සියලු නාමපුවරු ක්‍රමවත් කිරීම හෝ ඉවත් කිරීම, රුක් රෝපණය කිරීම, පොදු මහජන ගොඩනැගිලි, තාප්ප යනාදිය නවීකරණය කිරීම, මාර්ග සහ දිශා පුවරු එකම ආකාරයට පවත්වා ගැනීම, කුණු කසළ එකතුවන ස්ථාන ආදිය ඉදි කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම ද ඒ යටතේම සිදුවේ.

(Aruna)