Friday, March 29, 2024
Follow Us
ව්‍යාජ මත්පැන්වලට වැට බදින නව වැඩපිළිවෙලක් අගෝස්තුවේ සිට

මෙරට නිෂ්පාදනය කෙරෙන මත්පැන් සහ බීර බෝතල්වල ආරක්‍ෂිත ස්ටිකරය අගෝස්තු 15 වනදා හදුන්වා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රමිතියෙන් තොර හා ව්‍යාජ මත්පැන් අලෙවි කිරීම වැළැක්වීම සඳහා බාකොර්ඩ් හෙවත් කේතයක් සහිත ස්ටිකරයක් හදුන්වාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජේ ගුණසිරි.

ආරක්‍ෂිත ස්ටිකරය ඇළවීමෙන් පසු මත්පැන් සහ බීර බෝතල්වල ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට අදාළ යන්ත්‍ර 400 ක් ද සුරාබදු නිලධාරීන්ට ලබාදෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මෙම බාකොර්ඩ් හෙවත් කේතයක් සහිත ස්ටිකරය හරහා, සුරාබදු වංචා කරමින් වෙළදපොලට මත්පැන් නිකුත් කර ඇති අදාළ පාර්ශවයන්ද කඩිනමින් හදුනාගත හැකි බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජේ ගුණසිරි වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)