Thursday, March 28, 2024
Follow Us
පාසල් විවෘත කිරීම අගෝස්තු අවසානයේ හෝ සැප්තැම්බර් මුල

සැලැස්මකට අනුව පියවරෙන් පියවර පාසල් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.


ඒ අනුව අගෝස්තු මස අවසානයේ හෝ සැප්තැම්බර් මස මුල සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත්ව පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සදහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ (26) නෙළුම් මාවතේ පැවති පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

පාසල් ආරම්භ කිරීඹ සදහා මේ වන විට දිවයින පුරා ගුරුවරුන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩල එන්නතරකරණ වැඩසටහන ක්‍රියාත්මක බව අමාත්‍යවරයා සදහන් කරයි.

එන්නත්කරණ වැඩසටහනට අනුව දෙවන මාත්‍රාව අගොස්තු අවසානයට පෙර ලබාදීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)