Wednesday, April 24, 2024
Follow Us
රට විවෘත කරන කාලය ගැන ජනපතිගෙන් දැනුම් දීමක්

සැප්තැම්බර් මාසයෙන් පසු රට වසා දැමීමට කටයුතු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට ඊයේ (26 වැනිදා) දැනුම් දී ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී ඔහු කියා සිටියේ ජූලි සහ අගෝස්තු මාස අවසන් වන විට තවත් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 10.5ක් මෙරටට ලැබීමට නියමිත බවයි. එම එන්නත් ලබාදීමෙන් එන්නත්කරණයද 80%කින් පමණ අවසන් වන බව ද ජනාධිපතිවරයා කියා සිටී.

මෙරට ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ් නිසා රට වසා දැමීම බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

(Aruna)