Wednesday, April 24, 2024
Follow Us
නගර 100 ක් සංවර්ධනය කරන්න අගමැතිගෙන් මිලියන 2000 ක්

රටපුරා පිහිටි සංවර්ධන උනතා සහිත නගර 100 සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් අගමැතිවරයා විසින් ආරම්භ කර තිබෙනවා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මේ සඳහා රුපියල් මිලියන 2000 ක මුදලක් වෙන්කර තිබෙනවා.

නගර 100 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට (27) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල හිරිපිටිය නරගයේදී ආරම්භ වේ.

ප්‍රධාන නගර හා ප්‍රාදේශීය නගර අතර පවතින අසමතුළිතතාවය අවම කර සියලු ජනතාවට එක හා සමාන නාගරික පහසුක්ම සැළසීම හරහා නාගරික ජනතාවගේ සමාජ, ආර්ථික අවශ්‍යතා සම්පූර්ණ කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

සෑම නගරයකට පොදුවේ දක්නට ලැබෙන ගැටලු වන අනවසර ඉදිකිරීම්, අක්‍රමවත් පදික වේදිකා මෙම ව්‍යාපෘතිය යටතේ ඉවත් කරන අතර පදික වේදිකා ක්‍රමවත්ව සකස් කිරීම, කානු පද්ධති සකස් කිරීම, රථගාල් සංවර්ධනය කිරීම ඇතුළු කටයුතු සිදු කෙරේ. මීට අමතරව ජනතාවගේ පහසුව සඳහා නාම පුවරු ක්‍රමවත් ලෙස සකස් කිරීම, මාර්ග සහ දිශා පුවරු ක්‍රමවත් කිරීම, පොදු මහජන ගොඩනැගිලි නවීකරණය කිරීම ද සිදු කෙරේ.

මෙම ව්‍යාපෘතිය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ නගර 07 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ නගර 10 ක්, කළුතර දිස්ත්‍රික්කයේ නරග 04 ක් තෝරාගෙන තිබෙනවා. මීට අමතරව ගාල්ල 04, මාතර 06, හම්බන්තොට 06, රත්නපුර 05, කෑගල්ල 04, කුරුණෑගල 09, පුත්තලම 03, අනුරාධපුර 04, පොළොන්නරුව 04, කිලිනොච්චිය 02, යාපනය 02, මන්නාරම 01, වව්නියාව 01, මුලතිව් 01 ක් ලෙස නගර තෝරාගෙන තිබෙනවා.

(LNW)