Friday, April 26, 2024
Follow Us
කොවිඩ් එන්නත්වලට වැය වුණු මුදල

මෙරටට ලැබී ඇති මුළු එන්නත් ප්‍රමාණය මෙන්න


කොවිඩ් එන්නත් මිලදී ගැනීමට ශ්‍රී ලංකා රජය රුපියල් කෝටි එක්දහස් පන්සිය හතළිස් හයක පමණ මුදලක් මේ දක්වා වැය කර ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එන්නත් ප්‍රමාණය අසූ හත් ලක්ෂ අනූ පන් දහස් අට සිය තිහක් රජය මේ දක්වා මිලදී ගෙන ඇත.

මෙයට අමතරව එන්නත් තිස් තුන් ලක්ෂ හැට හතර දහස් එක සියයක් මෙරටට ප්‍රදාන වශයෙන් ලැබී ඇත .

මේ අනුව මෙරටට මේ දක්වා ලැබී ඇති මුළු එන්නත් ප්‍රමාණය එක්කෝටි විසි එක් ලක්ෂ පනස් නව දහසක් වේ.

සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ අනූ එකක්
මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ පහළොවක්
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා දොළොස් ලක්ෂ හැට හතර දහසක්
ස්පුට්නික් V එන්නත් මාත්‍රා එක්ලක්ෂ අසූදහසක්
ෆයිසර් එන්නත් මාත්‍රා එක්ලක්ෂ පහළොස් දහස් අටසිය තිහක්

(Aruna)