Thursday, March 12, 2026
Follow Us
ජේ්‍යෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්ට ක්‍රීඩා ඇමතිගෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයින් සිව් දෙනෙකුට සාකච්ඡාවක් සදහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ විසින් කැඳවීමක් සිදුකර තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, ලහිරු තිරිමාන්න සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින් මෙලෙස සාකච්ඡාවක් සදහා අද කැඳවා ඇති අතර ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ද එක් වනු ඇති.

ක්‍රිකට් කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් මතුවු අර්බුදය පිළිබදව සහ තවත් ගැටළු කිහිපයක් පිළිබද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ලකුණු 300 සීමාව ඉක්ම වූ දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකියාව පවතින බව වේග පන්දු යවන ක්‍රීඩක චාමික කරුණාරත්න පවසනවා.

ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී චාමික කරුණාරත්න පන්දු 35 කදී වේගවත් ලකුණු 43 ක් ලබාගැනීමත් සමග ඔහුගේ පිතිකරණ දක්‍ෂතා පිළිබද මේ වනවිට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.

(Neth)