Thursday, March 12, 2026
Follow Us
දුමින්ද සිල්වා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති පුටුවට!

ජනාධිපති සමාවෙන් නිදහස ලද දුමින්ද සිල්වා මහතා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරය සඳහා නම් කර තිබේ.

ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා විසින් ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා වෙත ඒ බව ලිඛිතව දැනුම් දී ඇත.

ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට දුමින්ද සිල්වා මහතාව පත්කිරීමට ජනධිපතිවරයා සිය අනුමැතිය දී ඇති බවයි එම ලිපියේ දැක්වෙනේ.

(LNW)