Tuesday, May 14, 2024
Follow Us
අමාත්‍යංශ කිහිපයක විෂය පථයන් වෙනස් වෙයි

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන් වෙනස් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත්කර තිබේ.

මුදල්, නගර සංවර්ධන හා නිවාස, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇතුළු අග්‍රාමාත්‍යවරයා යටතේ තිබුණු අමාත්‍යංශ අතරින් මුදල් අමාත්‍යංශය වෙනම අමත්‍යංශයක් ලෙස අදාළ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

එම ගැසට් නිවේදනය මගින් ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශයක් ස්ථාපනය කර ඇත.

ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව, මහජන උපයෝගිතා කොමිසම ඇතුළු ආයතන 10 ක් ඊට ඇතුළත් කර තිබේ.

වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයක් අලුතින් ස්ථාපනය කර ඇති අතර මීට පෙර නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශය යටතේ තිබූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ද ඊට ඇතුළත් කර තිබේ.

අලුත් ගැසට් නිවේදනය මගින් කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු , පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදනය හා උසස් තාක්ෂණ කෘෂිකර්ම නමින් නව රාජ්‍ය ආමාත්‍යාංශයක් ද ස්ථාපනය කර තිබේ.

ජාතික පොහොර ලේකම් කාර්යාලය හා රජයේ පොහොර සමාගම් ඇතුළු ආයතන 7 ක් නව රාජ්‍ය ආමාත්‍යාංශයට ඇතුළත් කර තිබේ.

සම්පූර්ණ ගැසට් පත්‍රය මෙතැනින් කියවන්න:
http://www.documents.gov.lk/files/egz/2021/7/2235-45_S.pdf

(Aruna)