Wednesday, March 11, 2026
Follow Us
එක්ස්ප්‍රස් පර්ල් සමාගමෙන් රු .මි 720ක් භාණ්ඩාගාර ගිණුමට

කොළඹ වරයට ආසන්න මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වූ හානියට අදාළව රුපියල් මිලයන720ක අතුරු වන්දි මුදල මේ වනවිට මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කර ඇත.

ඒ අනුව හැකි ඉක්මනින් එම මුදල පීඩාවට පත් වූවන්ට ලබා දෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

නෞකාවෙන් සිදුවූ බලපෑමෙන් පීඩාවට පත් ධීවරයින්ට එම වන්දි මුදල්වලින් වැඩි ප්‍රමාණයක් ලබා දීමට පියවර ගන්නා බව ද අධිකරණ අමාත්‍යාංශය සදහන් කර සිටී.

මේ අනුව ඊට අදාළ කටයුතු ඒ සම්බන්ධයෙන් පත්කළ කමිටු මගින් සිදුවන බව ද එම අමාත්‍යාංශය පවසයි.

(Aruna)