Wednesday, March 11, 2026
Follow Us
ෆයිසර් එන්නත ලබා දීම අද සිට

ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම අද සිට ආරම්භ කෙරෙනවා.

ඒ අනුව දැනට මෙරටට ලැබී ඇති ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 ක් කොළඹ 1 සිට 15 දක්වා වූ ප්‍රදේශවල වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයින්ට ලබා දීම අද සිට ආරම්භ කරන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

එන්නත ලබාදෙන දිනය, වේලාව හා ස්ථානය කෙටි පණිවුඩයක් මගින් අදාල පුද්ගලයින් වෙත දැනුම්දෙන බවද යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කළා.

(Neth)