Wednesday, March 11, 2026
Follow Us
පොදු රැස්වීම් හා උද්ඝෝෂණ නැවත දැනුම් දෙනතුරු තහනම්

මහජනතාව වැඩියෙන් ඒකරාශී වන පොදු රැස්වීම් හා උද්ඝෝෂණ පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු සිදු නොකළ යුතු බව දන්වා‌ සිටිමින් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.


පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳව දන්වා ඇති බවයි.

ජනතාව වැඩියෙන් ඒකරාශී වන පොදු රැස්වීම් හා උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම් නිසා කොවිඩ් පැතිර යාමේ වැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

(Aruna)