Tuesday, May 14, 2024
Follow Us
උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවිම්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල් එස් පතිනායක, ස්ථාන මාරු කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් හා පාරිසරික ලෙසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පී පී එස් එම් ධර්මරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උතුරු පළාතේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වයඹ පළාත ලෙසයි ස්ථාන මාරු කර ඇත්තේ. එමෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වයඹ පළාතට අමතරව උතුරු මැද පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීම සඳහා පත් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පී පී එස් එම් ධර්මරත්නයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් කේ ජයලත් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසයි ස්ථාන මාරු කර ඇත්තේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආර් එල් කොඩිතුවක්කු සබරගමු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස හා වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඌව පළාත ලෙස ද ස්ථාන මාරු කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ඩී ආර් එස් දමින්ද ස්ථාන මාරු කර ඇත්තේ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන ලෙස ස්ථාන මාරු කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති එන් එල් විජේසේන ස්ථාන මාරු කර ඇත්තේ මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට අනුරාධපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසයි.

(Neth)