Monday, April 29, 2024
Follow Us
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම යළි අරඹයි

තාවකාලිකව අත්හිටුවනු ලැබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාව සීමිත අයදුම්කරුවන් සඳහා පමණක් ජූලි 05 වන දා සිට යළි ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එදින සිට දිනයක් හා අංකයක් වෙන්කර ගන්නා අයදුම්කරුවන් සඳහා පමණක් තම සේවාව ලබාදෙන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ඉල්ලුම්පත් යොමුකරන ලද ඉල්ලුම්කරුවන්ට ජාතික හැඳුනුම්පත් රටෙහි පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුවද කඩිනමින් සකස් කර ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මෙතෙක් හැඳුනුම්පත නොලැබුණු ඉල්ලුම්කරුවන්ට දිනයක් හා අංකයක් වෙන්කර දෙපාර්තමේන්තුව වෙත පැමිණ තම ජාතික හැඳුනුම්පත ලබාගැනීමට අවස්ථාව සලසා තිබේ.

පහත සඳහන් දුරකථන අංක මඟින් දිනයක් හා අංකයක් වෙන්කරවා ගන්න…
*බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය – 0115 226 126 / 0115 226 100

*දකුණු පළාත් කාර්යාලය – 0912 228 348

*වයඹ පළාත් කාර්යාලය – 0372 224 337

*උතුරු පළාත් කාර්යාලය – 0242 227 201

*නැගෙනහිර පළාත් කාර්යාලය – 0652 229 449

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තවදුරටත් ක්‍රියාත්මක නොවේ.

(Aruna)