Sunday, April 28, 2024
Follow Us
විදෙස්ගත වන සිසුන්ට කොවිඩ් එන්නත ලබාදීමට පියවර

උසස් අධ්‍යාපනය සහ වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස්ගතවීමට නියමිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ වීමට නියමිතය.

එන්නත්කරණය සම්පූර්ණ කිරීම අත්‍යවශතාවක් ලෙස දක්වා ඇති රටවල් වෙත විදෙස්ගතවීමට නියමිත සිසුන් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීම සඳහා වන එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඒ අනුව සූදානම් කර ඇත.

එම එන්නත්කරණය අවශ්‍ය වන සිසුන් ඒ සඳහා පූර්ණ ලියාපදිංචි වීමක් අවශ්‍ය වන අතර ඒ සඳහා අද(02) සිට ලියාපදිංචි විය හැක.

ඒ අනුව www.army.lk/covid19 යන කොවිඩ් -9 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන වෙබ් අඩවියට පිවිස ලියාපදිංචිය සිදුකළ හැකි වේ.

එසේ ලියාපදිංචි වී දින 2ක් ඇතුළත කෙටි පණිවුඩයක් මඟින් එන්නත්කරණය ලබාගත යුතු දිනය, වේලාව සහ ස්ථානය අයදුම්කරු වෙත ලබා දෙනු ඇත.

ලියාපදිංචියට පිවිසෙන්න…..
https://pre-departure-vaccine.covid19.gov.lk/#

(Aruna)