Monday, April 29, 2024
Follow Us
ගම්මාන 500ක් සංවර්ධනය කිරීම ඇරඹෙයි

දුෂ්කරතා මැද සේවය කළහොත් එහි ප්‍රතිඵලය රටට ඉතිරි වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

දේශීය ආර්ථිකය නගා සිටුවමින් රට රට සංවර්ධනය කරා ගෙනයාමේ අරමුණින් සියලුදෙනා එක්ව වැඩකළ යුතු බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පලකළේ  (01) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැති දිවයින පුරා ගම්මාන 500ක් “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” ලෙස සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

එහිදී නුවරඑළිය මන්දාරම්නුවර බෝංචි බීජ හා කෝපි නිෂ්පාදන ගම්මානය, පේරාදෙණිය උඩුඊරියගොල්ල මල් නිෂ්පාදන ගම්මානය සහ යාපනය සංදිලිපායි පිරාන්පට්රු තල තෙල් නිෂ්පාදන ගම්මානය “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” ලෙස නම් කරමින් ඊට අදාළ ඩිජිටල් සමරු පුවරු නිරාවරණය කෙරිණි.

(Aruna)