Wednesday, March 11, 2026
Follow Us
දහම් පාසල් අධ්‍යාපනයත් ඔන්ලයින් ක්‍රමයට

කොරෝනා වෛරසය හේතුවෙන් බිඳ වැටී ඇති දහම් පාසල් අධ්‍යාපනය ද ඔන්ලයින් හෙවත් මාර්ග ගත ක්‍රමය ඔස්සේ දරුවන්ට ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ වනවා. ඒකාකාරී දරුවන්ගේ මානසික සුවය ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන දියත් කරන බවයි දහම් පාසැල් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ පැවසුවේ.

සෑම ආගමකම දරුවන් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ප්‍රකාශ කෙරුණේ.

ඔන්ලයින් ඔස්සේ දරුවන් සිය අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමට යාමේදී මුහුණ පා ඇති විවිධ දුෂ්කරතා සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේදීම ප්‍රදේශ රැසකින් තොරතුරු වාර්තා වුණා.

(Neth)