Wednesday, March 11, 2026
Follow Us
කාබනික පොහොර හදන්න සිරකරුවන් යොදා ගනී

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා සිරකරුවන් යොදා ගැනීමට තීරණය කර තිබෙන බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

මඩකළපුව බන්ධනාගාරයෙන් මෙම කාබනික පොහොර නිෂ්පාදන වැඩපිළිවෙල හෙට (26) ආරම්භ කිරීමට නියමිතයි.

එම වැඩපිළිවෙල ඉතාම කෙටි කලකදී සෙසු බන්ධනාගාරවලටද ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

(Aruna)