Friday, March 29, 2024
Follow Us
ජනතාවට විශේෂ දැනුම් දීමක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් අද සිට ලබන ජූලි මස 5 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට යටත්ව කටයුතු කිරීම ජනතාවගේ වගකීමක් බව පොලීසිය යළි සිහි කැඳවනවා.

එම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට පටහැනිව කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.

බස්නාහිර පළාත තුළ පමණක් පොලිස් නිලධාරීන් දස දහසකට අධික පිරිසක් රාජකාරී සදහා යොදවා සිටින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ඊයේ දිනයේදී නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 844 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර ලිදුල - තලවකැලේ නගර සභාවේ සභාපතිවරයා ඇතුළු 7 දෙනෙකු සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

සංචරණ සීමා අද ලිහිල් කෙරුණද ලබන 23 වනදා රාත්‍රී 10 සිට 25 වනදා අලුයම 04 දක්වා රට පුරා යළි සංචරණ සීමා ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.

(Neth)