Tuesday, January 20, 2026
Follow Us
අත්‍යවශ්‍ය සේවා රාජකාරී අවම කාර්ය මණ්ඩලයක් යටතේ පවත්වාගෙන යන්නැයි ආයතන ප්‍රධානීන්ට දැනුම්දීමක්

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය රාජකාරී සදහා අනවශ්‍ය ලෙස සේවකයන් කැදවීමෙන් වළකින්නැයි එම ආයතන ප්‍රධානීන්ගෙන් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලීමක් කරනවා. සිය සේවා අවම කාර්ය මණ්ඩලයක් යටතේ පවත්වාගෙන යන ලෙසයි යුද හමුදාපතිවරයා එම ප්‍රධානීන්ට දැනුම් දුන්නේ.

මේ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් විවෘත කිරීමට අවසර ලබාදී නොමැති ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට පියවර ගන්නා ලෙසට පොලිස්පතිවරයා සියලු පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

එක් ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයක් තුළ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් විවෘත කිරීමට ප්‍රාදේශීය ලෙකම් කාර්යාල මගින් අවසර ලබා දී තිබුණා. එහෙත් බොහෝ ප්‍රදේශවල අවසර නොලත් ව්‍යාපාරික ස්ථාන ද විවෘත කර ඇති බවට පැමිණිල ලැබී ඇති බවයි පොලීසිය සදහන් කළේ. ඒ අනුව සෑම පොලිස් වසමකම යතුරු පැදි සංචාර යොදවා එලෙස අවසර නොමැති ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබෙනවා.

එමෙන්ම එම උපදෙස්වලට අනුව කටයුතු නොකරන පුද්ගලයින්ට එරෙහි නිරෝධායන රීති යටතේ නීතිමය පියවර ගන්නා ලෙසයි පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ.

(Neth)