Tuesday, January 20, 2026
Follow Us
ගෑස් මිල සම්බන්ධයෙන් අධ්‍යයන කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව හෙට රැස්වෙයි

ගෑස් මිල සම්බන්ධයෙන් අධ්‍යයන කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව ලබන සදුදා රැස් වනවා. එහිදී ගෑස් මිල සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කරන බවයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.

මේ අතර ඉන්ධන මිල සංශෝධනය කිරීමට අනුමැතිය දුන් පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට අනුමැතිය ලබාදිය යුතු බවයි ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් එච් කේ වෑගපිටිය නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ.

ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඉහළ යාම ගෑස් මිල ඉහළ යාමටද බලපාන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

(Neth)