Tuesday, January 20, 2026
Follow Us
දින තුනකට වරක් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර

සියලු ආර්ථික මධ්‍යස්ථාන දින තුනකට වරක් විවෘත කිරීමට අනුමැතිය ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ සෞඛ්‍ය අංශවලින් ලබාදෙන උපදෙස් අනුව එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන බවයි.

අද දිනයේ බස්නාහිර පළාතේ සියළු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. ජංගම රථවල එළවළු සහ පළතුරු අළෙවි කරන වෙළදුන් වෙනුවෙන් එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන අතර අත්‍යවශ්‍ය රාජකාරී කටයුතුවල නිරත පිරිසටද එම ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණිය හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

(Neth)