Tuesday, January 20, 2026
Follow Us
සංචරණ සීමා දීර්ඝ කිරීමට බලපෑ හේතුව යුද හමුදාපති කතා කරයි

දිවයිනට පනවා ඇති සංචරණ සීමා ලබන 21 වනදා දක්වා දීර්ඝ කළේ ජනතාවගේ යහපත උදෙසා බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. පෙර පැනවූ සංචරණ සීමා ලබන 14 වනදා ඉවත් කිරීමට මීට පෙර තීරණය කර තිබුණා. එහෙත් ඊයේ දිනයේ තහවුරු කළ කොරෝනා මරණ 101 ත් සමග දිවයිනටම පනවා ඇති සංචරණ සීමා ලබන 21 වනදා දක්වා දීර්ඝ කළ බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.

මේ අතර සංචරණ සීමා ක්‍රියාත්මක කාලසීමාවේදී අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත පිරිසට එම කටයුතුවල නිරතවිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

(Neth)