Tuesday, January 20, 2026
Follow Us
අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සැඟවීම වළක්වමින් ගැසට් නිවේදනයක්

වී, සහල්, සීනි, කිරිපිටි, බඩඉරිඟු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සැඟවීම වළක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සහල්, සීනි, කිරිපිටි සහ බඩඉරිඟු නිෂ්පාදකයින්, ආනයනය කරන්නන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන් සහ තොග වෙළඳුන් සිය තොග පිළිබඳ දත්ත දින 07 ක් තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලබාදිය යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.

එම දින 07 තුළ ඔවුන් පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචිය අනිවාර්යයෙන් ලබාගත යුතු අතර එම අධිකාරියේ ලියාපදිංචියකින් තොරව කිසිදු සහල් නිෂ්පාදකයෙකුට හෝ වී මෝල් හිමියෙකුට තොග තබා ගැනීමට අවසර හිමි නොවන බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

(Aruna)