Tuesday, January 20, 2026
Follow Us
උසස් වීම් සඳහා නිර්දේශ වූ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 05 දෙනා

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්, සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කිරීමේ සම්මුඛ පරීක්ෂණ පසුගියදා පැවැත්වුණා. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 450 දෙනෙකු පමණ එම සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිට තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශය සහ පොලිස් මූලස්ථානය අතර පැවැති සාකච්ඡා අනුව සහකාර පොලිස් අධිකාරී නිලයට මේවනවිට උසස් කළ හැක්කේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 210 දෙනෙකු පමණයි. එම 210 දෙනාගෙන් කොටසක් සීමිත තරග විභාගයට පෙනී සිට සුදුසුකම් ලැබිය යුතු අතර අනෙක් කොටසට උසස්වීම් හිමිවන්නේ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිට ලබා ගන්නා ලකුණු ප්‍රමාණය අනුවයි.

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 210 දෙනෙකු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් මේවනවිට රාජ්‍ය කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලා තිබෙනවා. අදාළ උසස්වීම් සම්බන්යෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ද මහජන ආරක්ෂක අමාත්‍යංයෙන් කරුණු 04 ක් පිළිබඳ විමසීම් සිදු කර ඇති බවයි ආරංචි මාර්ග පැවසුවේ.

මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 05 දෙනෙකු සඳහා ද මේවනවිට පුරප්පාඩු පවතිනවා. ඒ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු මේවනවිටත් විශ්‍රාම ගොස් සිටින බැවින් හා තවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු මෙම මාසයේදී විශ්‍රාම යාමට නියමිත බැවින්.

එලෙස විශ්‍රාම ගොස් සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන්නේ රවී විජේගුණවර්ධන, රොෂාන් ප්‍රනාන්දු සහ රොහාන් සිල්වා යි. දැනට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස සේවයේ නියුතු ජගත් අබේසිරි ගුණවර්ධන හා ලලිත් ජයසිංහ මෙම මාසයේදී විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා.

මේ අතර පුරප්පාඩු වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයන් සඳහා මේවනවිටත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 05 දෙනෙකුගේ නම් ඉදිරිපත් කර අවසන්. එම ලැයිස්තුවේ පසුවන්නේ සජීව මැදවත්ත, කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු, එම් ඩී ආර් එස් දමින්ද හා අජිත් රෝහණ යන නියෝජ්‍ය පොලිස්පතිවරුන්.

(Neth)