Tuesday, January 20, 2026
Follow Us
ලීසිං සහන දෙන්නැයි බැංකු නොවන මූල්‍ය සමාගම් වලින් ඉල්ලයි

කොවිඩ් -19 වසංගතයේ තෙවැනි රැල්ල හේතුවෙන් බලපෑමට ලක්ව පීඩාවිඳින ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා සහන ලබාදෙන ලෙස බැංකු නොවන මූල්‍ය සමාගම් වලින් ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලීමක් කරයි.

එසේම පැහැදිලිවම පීඩාවට ලක්ව ඇති ගනුදෙනුකරුවන් සඳහා 2021 ජුනි 30 දක්වා කාලසීමාව තුළ ණය කාඩ් පත් සහ වෙනත් ණය පහසුකම් සඳහා ප්‍රමාද ගාස්තු අය නොකිරීමට ද බැංකු නොවන මූල්‍ය ආයතන කටයුතු කළ යුතු බව මහ බැංකුව දන්වයි.

ඉහත යෝජනා ක්‍රමය සඳහා ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන ණය ගනුදෙනුකරුවන් 2021 ජුලි 15 හෝ ඊට පෙර ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයයෙන් ඉල්ලීමක් කළ යුතු බවද මහ බැංකුව දන්වයි.

(Aruna)