පාඩු ලබන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීමට වහා පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. යහපාලන රජය ගෙන ගිය අකාර්යක්‍ෂම කළමණාකරණය සහ මූල්‍ය අවභාවිතය හේතුවෙන් එම සංස්ථාව එලෙස පාඩු ලබන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
එම කාලයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඔස්සේ අත්තනෝමතික ලෙෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වී ඇති බවත් රුපියල් බිලියන ගණනක මුදල් මේ දක්වා එම සංස්ථාවට අයවී නොමැති බවත් අනාවරණ වී තිබෙනවා. ඒ, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරීන් සමග අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි.
ඊට එක්වූ නිලධාරියෙක් පවසා ඇත්තේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඉදිකිරීම් සදහා ද රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහාය ලබාගත් බවත් ඒ සදහා අයවිය යුතු මුදල මෙතෙක් ගෙවා නොමැති බවයි. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රීය කිරීමට මෙතෙක් ඇණහිට ඇති ව්‍යාපෘති ආරම්භ කිරීමට සාකච්ඡා මාර්ගයෙන් පොදු තීන්දුවක් ගන්නා ලෙසත් ඊට අවශ්‍ය මූල්‍ය සහය ලබාදීමට අදාළ අංශ දැනුවත් කරන බවත් අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට එහිදී දැනුම් දී තිබෙනවා.
(Neth)