Tuesday, January 20, 2026
Follow Us
උසස් පෙළ විභාගය ඔක්තෝබරයේ පැවැත්වීම නිශ්චිත නැහැ

උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසයේ පැවැත්වීම පිළිබඳ අධ්‍යාපන ඇමැතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වුවද ඒ පිළිබඳව නිශ්චිත තීරණයක් ගෙන නැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන පැවසීය.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේ පැවැත්වීමට කිසිදු හැකියාවක් නෑ
ඊයේ (10 වැනිදා) දෙරණ බිග් ෆෝකස් රූපවාහිනී වැඩසටහන සහභාගි වෙමින් ඔහු මේ බව පැවසූ අතර එහි දී ඔහු කියා සිටියේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේ පැවැත්වීමට කිසිදු හැකියාවක් නැති බවයි.

පවතින කොවිඩ් වසංගතය සමග විභාග පැවැත්වීමට හැකියාවක් නොමැති බවත් තවදුරටත් ළමයින්ට විෂය නිර්දේශවලට අනුව ඉගැන්වීම් කටයතු කළ යුතු බවත් ඔහු කීය.

දුරස්ථ අධ්‍යාපනයේ යෙදෙන ළමයින්

එසේම දුරස්ථ අධ්‍යාපනයේ යෙදෙන ළමයන්ගේ නිවැරැදි දත්ත ලබා ගැනීම් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුණාත්මක සංවර්ධන අංශයෙන් සහ තොරතුරු තාක්ෂණ අංශයෙන් මේ දිනවල සිදුවෙන බවද අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

(Aruna)