Tuesday, March 10, 2026
Follow Us
තවත් එන්නත් මාත්‍රා තොගයක් හෙට දිවයිනට

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 65000ක් හෙට (11) දිනයේ මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම එන්නත් තෝරාගත් කණ්ඩායම් සදහා ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර ස්පුට්නික් එන්නත මෙරටේ නිපදවීමට රුසියාව දැනටමත් සහාය පළකර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

(Aruna)