Tuesday, January 20, 2026
Follow Us
අධිකරණ ක්ෂේත්‍රයේ පත් කිරීම් කිහිපයකට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

අධිකරණ ක්ෂේත්‍රයේ නව පත් කිරීම් කිහිපයක් සඳහා පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකර තිබූ යෝජනාව සඳහා අනුමැතිය හිමිව තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෲ මහතාගේ විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා මෙම පත් කිරීම යෝජනා වී තිබේ.

පුරප්පාඩු වන අභියාචනාධිකරණ සභාපති තනතුර සඳහා අභියාචනාධිකරණ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු මහතා පත් කිරීමටද පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමි විය.

පුරප්පාඩු වන අභියාචනාධිකරණ විනිසුරු තනතුර සඳහා මහාධිකරණ විනිසුරු සසි මහේන්ද්‍රන් මහතා පත් කිරීමට අනුමැතිය හිමිව තිබේ.

මීට අමතරව සිසිර ද ආබෲ මහතාගේ විශ්‍රාම යාමෙන් හිස්වන අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකත්වය සඳහා ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය මහතා පත් කිරීමටද අනුමැතිය හිමි විය.

(LNW)