Tuesday, January 20, 2026
Follow Us
පළමු ශ්‍රේණියට ළමයින් දාන්න ඡන්ද නාම ලේඛන ගෙදරටම එයි

ග්‍රාම සේවක ළඟට ගිහින් රස්තියාදු නොවී ගෙදරම ඉදන් වැඩේ කරගන්න විදිහ මෙන්න


එළැඹෙන වසරේ (2022) පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ ඉල්ලුම්පත් සම්පූර්ණ කිරීම සඳහා ඡන්ද හිමි නාම ලේඛන තොරතුරු ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබාගත නොහැකි අයට www.elections.gov.lk යන මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් එය ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් අනතුරුව 2016, 2017, 2018, 2019 සහ 2020 වසරවලට අදාළ ඡන්ද හිමි නාම ලේඛන තොරතුරු ලබාගත හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් ලබාගන්නා තොරතුරු ග්‍රාම නිලධාරී හෝ වෙනත් නිලධාරියකු සහතික කිරීම අවශ්‍ය නොවන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයැදුම්පත් සම්පූර්ණ කිරීම සඳහා ඡන්ද හිමි නාමලේඛන උපුටන නිකුත් නොකරන බවත්. ඒ පිළිබඳව තොරතුරු විමසීමට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යාම අනවශ්‍ය බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කියයි.

මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පහත ලින්කුවෙන් පිවිසෙන්න
https://elections.gov.lk/si/

(Aruna)