ඇමැති බන්දුල රජයක් මූන පාන මූල්‍ය අර්බුදය ගැන පාර්ලිමේන්තුවේදී කියයි
ණය ලබා ගැනීමේදී රජයේ ඇප සීමාව සියයට දහයේ සිට සියයට පහළොව දක්වා ඉහළ දැමීම සඳහා මූල්‍ය කළමනාකරණ වගකීම් පනතට සංශෝධනයක් ගෙන ආ බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (08) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.
අදාළ සංශෝධනය ගෙන එමින් ඇමැතිවරයා මෙසේද කීය.
ඇමැති බන්දුල ගුණවර්ධන
‘‘කවුරු ආණ්ඩු කළත් අයවැය හිඟය පියවා ගන්න සිද්ධ වන්නේ දේශීය හා විදේශීයව ණය ගැනීමෙන් සහ අනෙකුත් රාජ්‍ය මූල්‍ය උපකරණ යොදා ගනිමින්. ගෙදරක වුණත් එහෙමයි. ණයක් ලබා ගන්නවා. නැත්නම් දේපළක් වත්කමක් විකූණනවා. රජයකට වුණත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන්නේ ඔය ක්‍රමයට පමණයි.
(Aruna)