Tuesday, January 20, 2026
Follow Us
සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගත් විශේෂ යානය අද (09) පෙරවරු 5ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

එම එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත ලොරිරථ මඟින් ප්‍රවහනය කිරීමට නියමිතය.

පසුගිය 06වන දින ද චීනයෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලිනයක් දිවයිනට රැගෙන විත් තිබුණි.

එම එන්නත් තොගය දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික් රැසක හඳුනාගත් ජන කණ්ඩායම් වෙත ලබාදීම මේ වන විට ආරම්භ කර තිබේ.

මේ වන විට මෙරට පුද්ගලයන් 1,033,000කට පමණ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

(Aruna)