රටට අවශ්‍ය සියලු කාබනික පොහොර මෙරටදීම නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බව, වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස් ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්‍ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ පවසනවා.
නෙත් නිවුස් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ සදහා ක්‍ෂේත්‍රයේ විද්වතුන් සමග මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. ඒ අනුව ඉදිරියේදී මෙරට ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර ලබාදීමට හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.
කාබනික වගාවන්ට අවශ්‍ය පසුබිමද රජය විසින් සකස් කර දෙන බවයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ වැඩිදුරටත් පැවසුවේ.
රසායනික පොහොර භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත්වීමට ගත් තීරණය කෙරෙහි ලෝක ආහාර සුරක්‍ෂිතතාව පිළිබද එක්සත් ජාතීන්ගේ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ප්‍රසාදය පළ කර තිබුණා.
ඒ, එම කමිටුවේ 48 වන සමුළුවේ කෘෂිපරිසර විද්‍යාව පිළිබද සැසියේදීයි.
(Neth)