Tuesday, January 20, 2026
Follow Us
අධිවේගී මාර්ගයක් සහ ගුවන් පාලම් 5 ක ඉදිකිරීම් අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ

නව කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා අධිවේගි මාර්ගය සහ තවත් ගුවන් පාලම් 5 ක ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා.

අග්‍රාමාත්‍යවරයා මෙම අවස්ථාවට එක්වූයේ .

අරලියගහ මන්දිරයේ සිට වීඩියෝ තාක්‍ෂණය ඔස්සේයි.

කොහුවල මංසන්ධිය, මහනුවර ගැටඹේ මංසන්ධිය, කොම්පඤ්ඤවීදිය දුම්රිය මාර්ගය හරහා විනිසුරු අක්බාර් මාවත සහ උත්තරානන්ද මාවත යන ස්ථානවල මෙම ගුවන් පාලම් ඉදිකිරීම අද ආරම්භ කෙරුණා.

කොළඹ සහ දිවයිනේ සෙසු ප්‍රධාන නගරවල පවතින රථ වාහන තදබදයට පිළියම් ලෙස මෙම ගුවන් පාලම් ඉදිකිරීමටයි සැලසුම් කර ඇත්තේ.

(Neth)