සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් මිශ්‍රණ අඩංගු ඉන්ධන ගබඩා ටැංකි තුලට වැසි ජලය එක්වී එය පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවට යම් බලපෑමක් වී ඇත්නම් ඒ සදහා ඔවුන්ට වන්දි ලබා දීමට කටයුතු කරන බව විෂය භාර අමාත්‍ය උයද ගම්මන්පිල පවසනවා. මෙවැනි තත්ත්වයන් වලක්වා ගැනීම සදහා ගත හැකි පියවර සම්බන්ධයෙන් හෙට දිනයේදී සාකච්ඡාවක් පැවැත්වෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
ඛණිජ තෙල් ශාඛාවේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ලේකම් ඒ ජී එස් ප්‍රේමන්ත ගමගේ සදහන් කළේ කැළණි ගගට මුසුවූ දැවි තෙල් තට්ටු ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක බවයි. දැවි තෙල් විසිරීම හේතුවෙන් මාබිම, වලහේන සහ පට්ටිවල ප්‍රදේශවල නිවාස කිහිපයකට බලපෑම් එල්ල්වී ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
කෙසේ වෙතත් දැවි තෙල් කැළණි ගඟට මුසු වීමේ අවධානමක් පැවතියද පානීය ජල සැපයුමට ඉන් මෙතෙක් කිසිදු බාධාවක් නොමැති බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිෂාන්ත රණතුංග සඳහන් කළේ.
(Neth)