Tuesday, January 20, 2026
Follow Us
නිවසේ සිටින දරුවන්ට අධ්‍යාපනය දෙන්න නව වැඩපිළිවෙලක්

සිසුන් සඳහා නිෂ්චිත වේලාවක් යටතේ රූපවාහිනිය හරහා අධ්‍යයන කටයුතු සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ එම දරුවන්ට අන්තර්ජාලය හරහා සිදු කෙරෙන ඉගැන්වීම් කටයුතු පිළිබඳ ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙවැනි වැඩපිළිවෙලක් සදහා අවධානය යොමුව ඇති බවයි.

සියලු ශ්‍රේණි ආවරණයවන පරිදි එම අධ්‍යයන කටයුතු සිදු කිරීමට නාලිකා 30ක් පමණ අවශ්‍ය වන බවයි අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)