Tuesday, January 20, 2026
Follow Us
අත්‍යවශ්‍ය සේවා වාහන සඳහා හෙට සිට විශේෂිත ක්‍රමවේදයක්

සංචරණ සීමා පනවා තිබෙන විට අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන වාහන සඳහා හෙට (07) දිනයේ සිට තවත් විශේෂිත ස්ටිකරයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ.

ඒ අනුව එම ස්ටිකරය සංචරණ සීමා බලපැවැත්වෙන සම්පූර්ණ කාලය සඳහාම අදාළ වෙන බවද ඔහු සඳහන් කර ඇත.

මේ අනුව කොළඹට පැමිණෙන වාහන එක් ස්ථානයකදී තොරතුරු ලබාදිය යුතු අතර හෙට දිනයේදී අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන වාහනවලට යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවද දැනුම් දෙයි.

මේ සම්බන්ධ සියලු විස්තර පසුව දැනුම් දීමට කටයුතු කරන බවද අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි

(Aruna)