චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයන් 38,943 දෙනෙකුට ඊයේ දිනයේ ලබාදී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ මෙරටදී පුද්ගලයින් නව ලක්‍ෂ 30,573 දෙනෙකුට එම එන්නතේ පළමු මාත්‍රාව මේ වනවිට ලබාදී ඇති බවයි.
ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව මේ වනවිට මෙරට පුද්ගලයින් තුන් ලක්‍ෂ 51,459 දෙනෙකුට ලබාදී තිබෙනවා. ඊයේ දිනයේ එම එන්නතේ දෙවන මාත්‍රාව ලබාදුන් පිරිස 501 ක්. ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව නව ලක්‍ෂ 25,242 දෙනෙකුට මීට පෙර ලබාදුන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 64,986 දෙනෙකුටද මේ වනවිට ලබාදී තිබෙනවා.
මේ අතර සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙතෙක් එන්නත් නොකළ දිස්ත්‍රික්ක 12 ක් සදහා ලබන 8 වනදා සිට ලබාදිමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මක කරන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
(Neth)