මෙරටට ලැබුණු පළමු ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ට අදාළ එහි දෙවන මාත්‍රාව ලබන සතියේදී මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ඊට අමතරව ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රා තවත් 50,000ක තොගයක් ලබන සිකුරාදා දිනයේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
(Aruna)