Tuesday, March 10, 2026
Follow Us
14 වැනිදායින් පසු රට විවෘත කිරීමේ හැකියාව ගැන ඉඟියක්

සංචරණ සීමා කාලය තුළ ජනතාව නිවසටම වී රැඳී සිටින්නේ නම් ලබන 14 වනදායින් පසු යම් ආකාරයට රට විවෘත කිරීමට හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ හේතුවෙන් නිරෝධායන රීති ආරක්ෂා කරමින් කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ වෙත සහයෝගය ලබාදෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ (04) දිනය තුළ පුද්ගලයින් 975ක් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් 147ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙනි.
නිකවැරටියෙන් 80ක්, මහනුවරින් 75ක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ නිරෝධායන රීති ක්‍රියාත්මක වූ දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 22,950ක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

(Aruna)