පවත්නා කොරෝනා වසංගත තත්වය හමුවේ කඩිනමින් කිරි,බිත්තර,මස් නිෂ්පාදන, වෙළද පොල වෙත යොමුකිරීමේදී ඇතිවන බාධා විසඳීම සඳහා සෘජු දුරකථන අංක තුනක් හඳුන්වා දී ඇත.
පශු සම්පත්,ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා මේ බව සඳහන් කරයි.
ඒ අනුව අවශ්‍ය දැනුම් දීම් පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි.
වෛද්‍ය නිරෝෂන් ගමගේ (අතිරේක ලේකම්- පශු සම්පත්) 0772672015
වෛද්‍ය සාගරිකා සුමනසේකර(අධ්‍යක්ෂ-අභිජනන) – 0718101904
වෛද්‍ය හේමාලි කොතලාවල – 0718589004
මේ අතර එම නිෂ්පාදන අලෙවි කරන වෙළෙදුන් හට තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් හා පශු වෛද්‍ය කාර්යාල හරහා සෘජුව අවසර ගත හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර ඇත.
තවද සත්ව ආහාර හා බෙහෙත් ප්‍රවාහනයට අවශ්‍ය අවසරයද ඉහත කාර්යාල මගින් ලබා ගත හැකි බව මෙන්ම ජංගම එළවළු හා පලතුරු අලෙවි රථ පවත්වාගෙන යන රථ හිමියන්ට තම රථ මගින් බිත්තර හා මස් ද අලෙවි කරන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
(Aruna)