Tuesday, January 20, 2026
Follow Us
කාබනික පොහොර දුන්නත් ගොවියෝ ඒවා විශාල වශයෙන් අවභාවිතා කරනවා - ඇමති මහින්දානන්ද

කාබනික පොහොර නොමිලේ ලබාදුන්න ද අපේ රටේ ගොවීන් ඒවා විශාල වශයෙන් අවභාවිතා කරනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

"කාබනික පොහොර දුන්නත් විශාල වශයෙන් ගොවියො අවභාවිතා කරනවා. ඒනිසා ස' පළවෙනි වතාවට ස'ගෙ මේ යෝජනාව හින්දාම ස' අපි එෆ්. ඕ. එකට කතාකරලා ස' පස පරීක්ෂා කිරීමේ කට්ටල ටිකක් ගත්තා. එතකොට ස' දැන් අපි ඊළඟ කන්නයට කාබනික පොහොර දුන්නත් ගොවියාගෙ පස නිර්දේශ කරලා දෙන්නෙ ස' අපි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (02) කැඳවා තිබුණු විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

(LNW)