සංචරණ සීමා පැනවූ මැයි මස 21 වැනි දින සිට එළැඹෙන 15 වැනි දින දක්වා ජාතික ලොතරැයි මණ්ඩලයට සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයට සිදුවන පාඩුව රුපියල් කෝටි තුන්සිය තිස් අටක් පමණ වන බව ‘අරුණ‘ට අනාවරණය වේ. ඒ අනුව ජාතික ලොතරැයි මණ්ඩලයට පමණක් සිදුවන පාඩුව රුපියල් කෝටි දෙසිය අටක් බව එහි සාමාන්‍යධිකාරී ශිරෝමි ජීවමාලා පැවසුවාය.
එමෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයට සිදුවන පාඩුව ලෙස එහි සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න පෙන්වා දෙන්නේ රුපියල් කෝටි එකසිය තිහක් බවය.
සාමාන්‍ය දිනවලදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් කෝටි අටක්
වන අතර සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ එම ආදායම රුපියල් කෝටි පහකි.
මේ අතර සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරමගේ ප්‍රකාශ කළේ මෙරට සමස්ත ලොතරැයි අලෙවි නියෝජිතයන් හාරදහස් අටසියයක් සහ අලෙවි සහයකයන් හතළිස් පන්දහසක් සිටින අතර පවතින තත්ත්වය හමුවේ එම සියලු දෙනාගේම ආදායම අහිමි වී ඇති බවයි.
සාමාන්‍යයෙන් අලෙවි නියෝජිතයකු සඳහා එක් ලොතරැයි පතකින් රුපියලක මුදලක් සහ අලෙවි සහයකයකුට රුපියල් දෙකයි ශත හැත්තෑ පහක මුදලක් හිමිවේ.
අලෙවි සහයකයන් අතර වැඩි පිරිසක් විවිධ ආබාධයන්ට ලක්වූවන් වන අතර ඔවුන්ගේ ජීවනෝපාය වන්නේ ලොතරැයි අලෙවිය පමණක් බවද සභාපතිවරයා පැවැසුවේය.
එම නිසා සමස්ත අලෙවි නියෝජිතයන්ට සහ අලෙවි සහයකයන්ට ජීවනෝපාය අහිමි වී ඇති මොහොතක යම් දීමනාවක් ලබාදෙන ලෙසට අවස්ථා කිහිපයකදීම රජයෙන් ඉල්ලීම් කළ ද එය ප්‍රතික්ෂේප වී ඇති බව සභාපතිවරයා අවධාරණය කරයි.
ආදායම් අහිමි වූ පිරිසට රජය විසින් ලබා දෙන රුපියල් පන්දහසේ දීමනාවද ලැබෙන හේතුවෙන් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති බව හෙතෙම කීවේය.
(Aruna)